කෙට්ටු අය මහත් කරන විශ්මිත රටඉදි බෙහෙත

අපේ රටේ අය තේ බොනකොට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් ඉක්මනින් මතකයට නැගෙන පලතුරක් තමයි රටඉඳි කියන්නේ. තනි කෑමක් විදියට වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේවැනි ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්. සෑම වසරකම ලංකාවට විශාල වශයෙන් රටඉදි ආනයනය සිදු කෙරෙන්නේ දිනපතා ලාංකිකයන් බහුතරයක් මේ රසවත් පලතුර තම ආහාර වේල් වලට ගොඩක් එකතු කර ගන්න නිසා. හරි අද කියලා දෙන්නේ කෙට්ටු අයට තම ශරීර බර වැඩි කර ගන්න රටඉදි වලින් අත්දුටු බෙහෙතක් හදන හැටි.

මුස්ලිම් මිනිස්සු රාමසාන් උපවාසය අවසන් කරපු සැනින් ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීලා. එකට හේතුව තමයි ගොඩක් වේලාවක් බඩගින්නේ ඉදලා එක පාර කෑම කන එක හොද නැති නිසා. එක ශරීරයට දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමගින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්.

රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියා ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත‍්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා.

ශරීරයේ බර වැඩි කරන විශ්මිත රටඉදි

අධික ලෙස කෙට්ටු අයගේ ශරීරයේ බර වැඩි කරන්න රටඉදි වලට පුළුවන්. ඇත්තටම බර වැඩි කරමින් ඇග මහත් කර ගන්න රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්.

දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප‍්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්. ඒ වගේම රටඉදි අපේ සමටත් ගොඩක් හොදයි. රටඉදි වලට සම නිරෝගී කරන ගුණයක් තියෙනවා. දිනකිහිපයක් මේ ප‍්‍රතිකර්මය කරන කොට ඔබේ සමේ ඇතිවන පැහැපත් බවත් ඔබටම දැක ගන්න පුළුවන් වේවි.

රටඉදි වල අනෙකුත් ගුණ

රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඖෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැුයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

ආහාර දිරවීම පමා වෙන රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක‍්‍රමිකතා මගහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි.

ඒ වගේම කාර්යබහුලව රැුකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලූවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මගහැරෙනවා.

හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඖෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප‍්‍රවණතාව මගහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි‍්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමගින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශි‍්‍රත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි.

මුත‍්‍රා පිට නොවීම, මුත‍්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත‍්‍රා පිටවෙන්නත්, මුත‍්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත‍්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත් ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. මධ්‍යසාර පානය නිසා ඇතිවන අක්මාවේ රෝග හා මානසික විකෘතිතා සුව කරන බෙහෙතක් රටඉදි වලින් හදන හැටි ආයුර්වේදයේ තිබෙනවා. එය නමින් ලඛර්ජුරාදි මන්තයල ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඖෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි.

ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැුස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ‍්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න.

ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මගහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඖෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි.

හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ‍්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඖෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඖෂධයක්. දරු ප‍්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප‍්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි.

තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක‍්‍රමවේදයේ ගැටලූ නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ‍්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඖෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමගින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඖෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශි‍්‍රත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්.

ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම ෂෂ්ටිකාදි ගුටිකාව. මේ කල්කය එළකිරිත් සමගආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැුලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමගින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඖෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමගිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්

දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. මේ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැුසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ මේ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමගින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමග අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

මව්බිම ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී.

Share this

Related Posts

Previous
Next Post »